FAST NEWS

24×7 Around the Globe

රුසියාවට එරෙහි සම්බාධක තවදුරටත්..

රුසියාවට පනවා ඇති සම්බාධක තවදුරටත් එලෙසම පවත්වාගෙන යාමට යුරෝපීය සංගමය සහ අමෙරිකාව එකඟතාව පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ යුරෝපීය සංගමයේ නායකයින් අතර සිදුවූ හමුවේදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්ය.

සිරියාවට රුසියාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් එම හමුවේදී තවදුරටත් සාකච්ඡාවට බදුන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නේටෝ සංවිධානයට අයත් රට වල නායකයින් ජර්මනියේදී මෙලෙස හමුවී ඇති බව සඳහන්ය.

අමෙරිකානු ජනාධිපති අවසන් විදෙස් සංචාරය සනිටුහන් කරමින් බැරැක් ඔබාමා ජර්මනියේ සංචාරයක නිරතව සිටියි.