FAST NEWS

24×7 Around the Globe

ජර්මනියේ වොක්ස්වැගන් ලොව පුරා සේවකයින් 23,000ක් කප්පාදු කරයි !

ජර්මනියේ සුප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන වොක්ස්වැගන්, ලොව පුරා සිය නිෂ්පාදන කර්මාන්තශාලාවල රැකියා දස දහස් ගණනින් කපා හැරීමට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.

එම සමාගමේ මෝටර් රථවල දුම්පරීක්ෂණයන් හි වැරදි තොරතුරු ලබාදීම තුළ සමාගමේ කීර්තිනාමයට සිදුව ඇති හානියෙන් පසුව, සමාගමේ ලාභදායීත්වය වර්ධනය කිරීම හා ඉලෙක්ට්‍රික් හා ස්වයං ධාවනයක් සහිත මෝටර් රථ නිෂ්පාදනය සඳහා වූ අරමුදල් වර්ධනය කිරීමේ සමාගමේ නව සැලැස්මට අනුව මෙම තීරණය ගෙන ඇති බවද පැවසේ.

එම සමාගම වැඩිදුරටත් පවසා ඇතේතේ ලොව පුරා වූ සිය සමාගම්වල රැකියා 23,000ක් කපා හැරීමට මේ වනවිට තීරණය කර ඇති බවයි.

ඒ අනුව, වසර 2020 වනවිට රැකියා 30,000ක් පමණ කපා ඉවත්කෙරුණු ඇති අතර, ඒ තුළින් ඇ.ඩො.බිලියන 3.92ක් වාර්ෂිකව ඉතිරිකර ගැනීමට සමාගම බලාපොරොත්තු වන බවද පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි.