FAST NEWS

24×7 Around the Globe

මැකෝ පක්ෂ නියෝජිත පළමු හමුව අද

මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අතර පැවැත්වෙන ප්‍රථම සාකච්ඡාව අද (02දා) සවස 3.00 ට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වේ.

මෙහිදී නාම යෝජනා භාර දෙන ආකාරය සහ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීමේදී පක්ෂ විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත පිළිබඳව හා 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව මැතිවරණ කොමසාරිස්වරයාට පැවරී ඇති බලතල පිළිබඳවත් පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීමට නියමිතය.