FAST NEWS

24×7 Around the Globe

තමිල්නාඩු මහා ඇමතිනී ජයලලිතා ජයරාම් සම්පුර්ණ සුවය ලබයි…

පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි තමිල්නාඩු මහා ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටින බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මේ වන විට ඇය ශ්වසන ආධාරක නොමැතිව හුස්ම ගන්නා බව සහ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට වර්ධනය වී ඇති බවත් ජයලලිතාගේ පක්ෂ නියෝජිතයෙකු මාධ්‍යයට පවසා තිබේ.

ඇය මේ වන විට භෞත චිකිත්සක ප‍්‍රතිකාර ලබන බවත් ඕනෑම වේලාවක රෝහලෙන් පිටවීමට හැකි තත්ත්වයේ සිටින බවත් එම නියෝජිතයා වැඩ්දුරටත් පවසා ඇත.

68 හැවිරිදි ජයලලිතා ජයරාම් මහත්මිය පසුගිය සැප්තැම්බර් මාසයේදී රෝහල්ගත විය.