FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ අසුනේ ඉංජිනේරුවරයෙකු අසුන් ගැනීම ගන පරික්ෂණයක්..

පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ අසුනේ එහි සේවය කරන ඉංජිනේරුවරයෙකු අසුන් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලූවිහාරේ මහතා විසින් ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ල කතානායකවරයා වෙත භාරදී තිබේ.

පසුගිය 16 වනදා පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අවසන්වීමෙන් අනතුරුව පවිත්‍ර සේවකයන් සභා ගර්භය පවිත්‍ර කරන අවස්ථාවේදී අදාළ ඉංජිනේරුවා කතානායක අසුනේ සිට ඔවුන්ට උපදෙස් ලබාදුන් බව එම පැමිණිල්ලේ සඳහන්ව ඇත.