FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානයේ අල්කයිඩා නායකයා පොලිස් ප‍්‍රහාරයකින් මරුට.

පාකිස්ථානයේ අල්කයිඩා සංවිධානයේ නායකයා පොලිස් ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඒ බව ඊයේ දිනයේදී ආරක්ෂක අංශ විසින් නිශ්චිත වශයෙන් තහවුරු කර ඇති බවයි.

පසුගියදා පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ගැටුම් පැවති අතර, එහිදී අල්කයිඩා නායක අබ්ඩිලා නැමති පුද්ගලයා මියගොස් ඇත.

එම සටන්වලින් අල්කයිඩා සංවිධානයේ තවත් ප‍්‍රධානීන් කිහිපදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේය.