FAST NEWS

24×7 Around the Globe

රුපියල් 2500 යේ දඩයට එරෙහි බස් වර්ජනය දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි..

අයවැයෙන් වැඩි කිරීමට යෝජනා වී ඇති රුපියල් 2500ක රථ වාහන දඩයට විරෝධය පළ කරමින් අලුත්ගමීන් ධාවනය වන සියලුම පෞද්ගලික බස් රථ සේවකයින්ගේ වර්ජනය අද(18) දිනයේ ද පැවැත්වෙයි.

ඒ සඳහා තවත් මාර්ග රැසක බස් රථ සේවකයින් එක්ව සිටින බවද සමස්ථ ලංකා බස් රථ සේවකයින්ගේ සංගමය පවසයි.

එසේම යෝජිත රුපියල් 2500ක දඩය අඩු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් ද භාරදී ඇති බව එම සංගමයේ අලුත්ගම ශාඛාවේ කැඳවුම්කරු කුමාර රත්න රේණුක මහතා සඳහන් කළේය.

තම වෘත්තීය ක්‍රියාමාර්ගයට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් මෙම වර්ජනය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.