FAST NEWS

24×7 Around the Globe

අනිද්දා කොළඹට පැය 12 ක ජල කප්පාදුවක්..

කොළඹ අවට ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා උදෑසන 9.00 සිට එදින රාත්‍රි 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය  පවසයි.

එ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගරසභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශ හා රත්මලාන යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලිය සපයන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය පැවසුවේය.