FAST NEWS

24×7 Around the Globe

​යෝජනා 5යි – මෛත්‍රී මහින්ද සමගි කමිටු වාර්තාව ජනපතිට.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කරවීම සඳහා පත්කෙරුණු සය පුද්ගල කමිටුවේ වාර්තාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (01) පස්වරුවේ භාර දී තිබෙනවා. පක්ෂය සමගි කරවීම සඳහා යෝජනා 5ක් ඊට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවට වූ යෝජනාවක් ද ඒ අතර වනවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරමින් සන්ධාන මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවිය යුතුයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ කණ්ඩායම් නායකයා ලෙස පත්කරන ලෙසට ද අදාළ වාර්තාව මගින් යෝජනා කර තිබෙනවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර සමගි සන්ධානයක් ගොඩනැගීම සඳහා මෙම සය පුද්ගල කමිටුව පත් කෙරුණා.

ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, අනුර ප‍්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍්‍රම්ජයන්ත, ඩිලාන් පෙරේරා, කුමාර වෙල්ගම සහ ටී.බී. ඒකනායක යන මහත්වරුන් එහි සාමාජිකයින් වනවා. අදාළ කමිටුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී පළමුව සාකච්ඡා කළා.

ඉන් අනතුරුව ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා කර තිබෙනවා. මෙම වාර්තාව සකස් කර ඇත්තේ එහිදී අවධානය යොමු වූ කරුණු ඇතුළත් කරමින්.