රජය යටතේ පවතින ලංකා සීනි සමාගම 2016 මුල් කාර්තු තුනේදී (මාස 09) රුපියල් මිලියන 1018ක ලාභයක් උපයාගෙන ඇති බවත්, විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මගපෙන්වීම හා උපදෙස් ඊට මුලික හේතුව බව එම සමාගමේ සභාපති නවීන් අධිකාරම මහතා සඳහන් කරයි.
එ අනුව මෙම සමාගම 2014 වසරේ දී රුපියල් මිලියන 211ක අලාභයක්ද, 2015 වසරේ රුපියල් මිලියන 1030ක අලාභයක් ද ලබා ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි.
2014 දී උක්ගස් මෙට්‍රික් ටොන් 4,10,523ක්ද, 2015 උක්ගස් මෙට්‍රික් ටොන් 5,57,747ක්ද, 2016 මුල් මාස 09කදී උක්ගස් මෙට්‍රික් ටොන් 5,61,067ක් ද සීනි නිෂ්පාදනය සඳහා භාවිත කොට ඇති බවද හෙතම සඳහන් කරයි.
එමෙන් ම මෙම සමාගම විසින් ලබන වසරේ දී තවත් සීනි කර්මාන්ත කිහිපයක් ඇරඹීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවත් සමාගම ලබන ලාභය ඉදිරි වසරේ දී තවත් වැඩිකර ගැනීමට අමාත්‍යවරයාගේ මගපෙන්වීම මත තමා සැලසුම් සකස් කරගෙන යන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පැලවත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා දෙක දැනට මෙම සමාගම යටතේ ක්‍රියාත්මක වන අතර මෙම සමාගමෙන් ගොවි පවුල් 25000ක් පමණ යැපෙන බවත් එ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.