රුපියල් 2500ක් වූ අවම දඩ මුදලට එරෙහිව අලුත්ගම බස් නැවතුම්පළෙන් ආරම්භ වන පෞද්ගලික බස් රථ 80ක පමණ සේවකයන් අද (17දා) උදෑසන සිට බස් රථ සේවාවෙන් ඉවත්ව විරෝධතාවක් ආරම්භකර ඇති වාර්තා වේ.
මාර්ග අංක 400 අලුත්ගම-කොළඹ ඇතුළු එම බස් නැවතුමෙන් ගමන් ආරම්භ කරන කළුතර – මතුගම – පැලවත්ත අතුළු සියලු අතුරු මාර්ග රැසකද සේවකයන් සිය සේවාවෙන් ඉවත්ව සිටින බවද පැවසේ.
කළුතර – පානදුර – හොරණ බස්නැවතුම්පළවල් වලින් ධාවනය වන බස්රථ සේවකයන්ද මෙම වර්ජනයට සහාය දක්වා ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.
–







