FAST NEWS

24×7 Around the Globe

බෙංගාල බොක්කේ කැළඹිමක් 18 – 21 දක්වා තද වැසි…

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

එ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මෙලෙස තද වැසි ඇතිවිය හැකි බවද පැවසේ.

එමෙන්ම හෙට (18) දිනයේ සිට මෙම මස 21 වනදා දක්වා පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවත් එහි දැක්වේ.

මේ අතර, මඩකලපුවේ සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වූ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර, තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටී.