FAST NEWS

24×7 Around the Globe

මුහුදුකරයේ සුළං වැඩි වෙයි – තද වැසි වැටෙන බව කාළගුණය කියයි..

මඩකලපුව සිට පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

එසේම දිවයිනට ගිනිකොණ දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුලු පද්ධතිය හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල තද වැසි ද ඇති විය හැකි  බවවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

එම ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 – 80 ක් පමණ දක්වා ඉහළ යාමේ ඉඩකඩක්ද පවතින බව පැවසේ.

එහෙයින් එම මුහුදු ප්‍රදේශ ඉතා රලු විය හැකි බැවින්  ධීවර සහ නාවික ප්‍රජාවට වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයේහි වැඩි දුරටත් සඳහන් වේවේ.