FAST NEWS

24×7 Around the Globe

ඇමති රංගේ බණ්ඩාරට ඇප නියම වෙයි…

එකලස් කළ ජිප් රථයක් නිර්ව්‍යාජ ලෙස ඇගවීම සඳහා නිතීවිරෝධී ලෙස  මොන්ටේරෝ රථයක ලියාපදිංචි සහතිකයක් භාවිතා කිරිමට පෙළඹවීම හා අනුබලදුන්නැයි චෝදනා යටතේ උසාවි කැඳවා සිටි  නලීන්ද ජගත් හා රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාරට ඇප දීමට කොළඹ මහාධිකරණ අද (16) නියෝග කළේය.

එ අනුව රුපියල් ලක්ෂ 2 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණි.

නඩුව මාර්තු 18 වැනි දා දක්වා කල් තැබීණි.