බුදු දහමට අපහාස වන අයුරින් ප්රකාශ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් එළැඹෙන 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් චන්දන කලන්සූරිය මහතා අද (16දා) නියෝග කළේය.
මාලිගාවත්ත පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගත් අතර පසුව අධිකරණයට ඉදිරිපත් කළේය.
++++++++++++++++++++++++++++++++++++(update)
බුදු දහමට නිගා කලැයි අබ්දුල් රාසීක් අත්අඩංගුවට ගැනේ…
බුදු දහමට නිගා කිරීමේ චෝදනා යටතේ තව්හිජ් ජමාද් සංවිධානයේ ලේකම්වරයා ලෙස හැඳින්වෙන අබ්දුල් රසීක් අත්අඩංගුවට ගැනීමට මාළිගාවත්ත පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වේ.
සැකකරු අද (16දා) අලුත්කඩේ අංක 4 දරණ උසාවියට ඉදිරිපත් කිරිමට නියමිත අතර සැකකරු කොම්පඤ්ඤ වීදියේ පදිංචි කරුවෙකු බවද පැවසේ.








