FAST NEWS

24×7 Around the Globe

අන්තර්ජාල ගාස්තු වැඩි කිරිම පිටුපස අැති රහස ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී කියයි..

මුදල් අමාත්‍ය රවී කරුණානායක විද්දේ ඒකාබද්ධ විපක්ෂයට වැදුනෙ ජනතාවට යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (15දා) පැවති අයවැය දෙවනවර කියවීමේ විවාදයේ තුන්වන දිනය වූ විවාදයට එක්වෙමින් පැවසීය.

ආණ්ඩුව මාධ්‍ය ආයතනවලට බලපෑම් කරමින් පාලනය කරන නමුත් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යජාල පාලනය කර ගැනීමට නොහැකි නිසා ආණ්ඩු විරෝධී ෆේස්බුක් අරගලය නවතා ලීමට මෙසේ අන්තර්ජාල ගාස්තු වැඩි කර ඇති බව හෙතෙම මෙහිදි පැවසීය.

එසේම නඩු පැවරීමේදී ගාස්තු වැඩි කිරීම සිදු කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නඩු දාන එක ආණ්ඩුවට කරදරයක් වෙලා තියෙන නිසා බවද හෙතෙම කියා සිටියේය.

මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය සිව්වන දිනටත් අද (16)  පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.