කොළඹ මහාධිකරණ කලාපයේ මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ ශාලා 33ක් කේන්ද්‍ර කර ගනිමින් ස්වයංක්‍රීය හඬ පටිගත කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අධිකරණ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
විභාග වන නඩුවකට අදාළව සාක්ෂි සහ නඩු තීන්දු ස්වයංක්‍රීයව පටිගත කිරීම මෙහිදී සිදු කෙරෙන බවත් දවසේ කාර්යය සටහන එදින ම පස්වරුවේ අදාළ නඩුවේ පාර්ශව වෙත මුද්‍රිතව ලබා දීම මෙහි අරමුණ බවත් අධිකරණ අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා පැවසී ය.
මේ අතර නඩු ගොනු කළමනාකරණය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව හඳුන්වා දී ඇති මෘදුකාංගයක් කොළඹ මහාධිකරණ කලාපයේ දිසා අධිකරණ 10ක හා මහේස්ත්‍රාත් අධිකරණ 10ක ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබේ.
අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ, මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය මත අදියර වශයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ය.
මෙම නියමු ව්‍යාපෘති ඉදිරි වසරේ පළමු කාර්තුව ඇතුළත සිදු කෙරෙන බව ද, මේ පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගින් සොයා බලන බව ද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ය.
මේ අතර අධිකරණ තුළ නඩු විභාග කඩිනම් කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ වෙත උපදෙස් මලාවක් නිකුත් කර තිබේ.
නොවැම්බර් මස පළමු වන දා සිට දීප ව්‍යාප්තව මෙය ක්‍රියාත්මක බවත් ලබන වසරේ මැද භාගය වන විට මෙහි විශාල ප්‍රගතියක් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.