FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල වෙඩි තැබීමකින් SI මරුට – තවත් දෙදෙනෙකුට තුවාල…

කුරුණෑගල මාස්පොත ආපන ශාලාවක වෙඩි තැබීමකින් උප පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අදාළ ආපන ශාලාවේ සැකකටයුතු දෙදෙනකු සිටින බවට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිසියේ තිදෙනා එහි ගොස් ඇතැයි වාර්තා වේ.

ඔවුන් සැකකරුවන් පරීක්ෂා කිරිමට උත්සාහ කරද්දී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

එක් සැකකරුවකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාර දී ඇත.