FAST NEWS

24×7 Around the Globe

රු. 5 නව ගනුදෙනු ATM බද්ද බැංකු ගනුදෙනුකරුවන්ට නෑ – මුදල් ඇමැති

රුපියල් පහක මූල්‍ය ගනුදෙනු බද්ද බැංකු ගනුදෙනුකරුවන් සඳහා අදාළ වන්නේ නැතැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවසීය.

එම රු. 5 ක නව බද්ද අදාළ වන්නේ බැංකු සහ මූල්‍යායතන විසින් සිදුකරන ගනුදෙනුවලදී බව ද ඇමැතිවරයා කීවේය.

කොළඹ ටාඡ් සමුද්‍ර හෝටලයේදී ඊයේ (15 දා) පැවැති අයවැය සම්මන්ත්‍රණයකදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය. ඒ අනුව බැංකු ගනුදෙනුකරුවන් ATM කාඩ්පත් මගින් මුදල් ගැනීමේදී අලුතින් රුපියල් පහක ගාස්‌තුවක්‌ අය නොවේ.