FAST NEWS

24×7 Around the Globe

ජනපති නියමයෙන් ජල ගාස්තු වැඩි වීම නවතියි..

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දුන් පරිදි ජල ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව  පාර්ලිමේන්තුවේදී අද (15දා) පැවති මාධ්‍ය හමුවකදී විෂයභාර අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවැසීය.

එ අනුව දෙසැම්බර් මස පළමුවැනිදා වැඩිවීමට තිබු 30% ජල ගාස්තු සංශෝධනය සිදු නොවන බවද හෙතෙම පැවසීය.

සාමාන්‍ය ජනතාව තලා පෙලන අයුරින් ජල ගාස්තු වැඩි නොකළ යුතු බවට මෛත්‍රීපාල සිරිසේන ජනපති කැබිනට් මණ්ඩලයට කළ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇත.

සාමාන්‍ය ජනතාවට අසාධාරණයක් නොවන අයුරින් ජල බිල ඉහළ නැංවීම පිළිබඳ සොයාබැලීමට රවුෆ් හකීම්, රවි කරුණානායක, ආචාර්ය සරත් අමුණුගම යන ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කළ බවද හෙතෙම පැවසීය.