FAST NEWS

24×7 Around the Globe

පොදුජන පෙරමුණ සමග පක්ෂ කිහිපයක් සන්ධාන ගත වෙයි !

හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා සභාපතිත්වය දරණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමට පක්ෂ කිහිපයක් තීරණය කර ඇතැයි හිටපු අමාත්‍ය මහචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ වමේ පක්ෂ කිහිපයක් විසින් අද (15) කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තමන් මෙන්ම, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර ඇතුළු පක්ෂ කිහිපයකම ප්‍රධානින් එම තීරණය ගෙන ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

ලිබරල් වාදය මත පිහිටා මෙවර සකස් කර ඇත්තේ අය වැයක් නොව ණය වැයක් යැයි එහිදී හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසී ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටවී මුදල් ඇමතිවරයා විසින් මෙවර අය වැය සකස් කර ඇති බවත් ගෝනුස්සාගේ විෂ ඇත්තේ ඌගේ නැට්ටේ යැයි කියන්නාක් මෙන් රවීගේ අය වැයේ හොඳම විෂ ඇත්තේ එහි අග කොටසේ බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.