FAST NEWS

24×7 Around the Globe

අාවා කල්ලියේයැයි කියන 38 ක් අත්අඩංගුවට ගත්තා – ඇමති සාගල..

ආවා කල්ලියේ බව පැවසෙන සාමාජිකයින් 62ක් හඳුනාගෙන ඉන් 38 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය.

ස්ථාවර නියෝග 23/2 යටතේ පා.ම අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස හෙතෙම මේ බව අනාවරණය කළේය.

ඒ අනූව අදාළ කල්ලියේ බවට සැක කරන ප්‍රධාන සාමාජිකයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවද හෙතෙම පවසා තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සාමාජිකයින් අතර හමුදාව වෙනුවෙන් සේවය කළ ද්‍රවිඩ තරුණයෙකු සිටින බවත්, ඔහු මේවන විට රිමාන්ඩ් බාරයේ පසුවන බවත්, අනාවරණය කරගෙන තිබේ.