FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධි සිගරට් තොගයක් සමග චීන 04 ක් දැළේ..

නීති විරෝධී ලෙස ‍දුම්වැටි තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ආ චීන ජාතික සිව් දෙනෙකු ගුවන්තොටුපළ ආරක්ෂක අංශ අද(15) අලුයම 5.40ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් රුපියල් ලක්ෂ 32 ක් වටිනා දුම්වැටි කාටුන් 410ක් මෙලෙස රැගෙන එමට උත්සාහ දරා තිබේ.

කුන්මින් සිට පැමිණි GL 829 දරණ ගුවන්යානයෙන් පැමිණි මොවුන් අතර චීන ජාතික කාන්තාවක් දෙදෙනෙකු සහ චීන ජාතික පිරිමින් දෙදෙනෙකු සිටි ඇති බව පැවසේ.