FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ වෙසෙන සංක්‍රමණිකයින් මිලියන තුනක් පිටුවහල් කරනවා – ට්‍රම්ප්

ඇමෙරිකාවේ වෙසෙන සංක්‍රමණිකයින් මිලියන තුනකට වැඩි පිරිසක් එරටින් පිටුවහල් කරන බව හෝ සිර කඳවුරුවලට යවන බව ජනපති ධුරයට පසුගිය සතියේ පත්වූ ඩොනල් ට්‍රම්ප් පවසා ඇත.

ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ ඇමෙරිකාවේ සී.බි.එස්. පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් අතර තුරදීය.

මෙහිදී ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම පිරිසට අපරාධ චෝදනා ලැබූවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවන් 178,000ක් ප්‍රමාණයක් ඇතුළත් බවය.

තමාගේ සැලසුමට අනුව මෙක්සිකෝව වෙන්කිරීමට යෝජනා කර ඇති තාප්පයට අමතරව වැටක් ද ඉදිකරන බව ඔහු පවසයි.

මේ අතර නේටෝ සංවිධානයේ මහ ‍ලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීමක් කර තිබෙන බව වාර්තාවේ.

ඔහු පෙන්වා දී ඇත්තේ යුරෝපය සහ ඇමෙරිකාව තනි තනිව ගමනක් යෑම තුළින් දෙපාර්ශ්වයම මහත් දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුවනු ඇති බවය.