FAST NEWS

24×7 Around the Globe

අතුරු වෛද්‍ය සේවාව පැය 48 ක වර්ජනයක්..

ඖෂධ සංයෝජක තනතුර අතුරු වෛද්‍ය සේවාවට අන්තර්ග්‍රහණය කිරීමට උත්සාහ කිරීම හා අතුරු වෛද්‍ය වෘත්තිකයන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකිරීමට එරෙහිව හෙට (16දා) පෙරවරු 8.00 සිට පැය 48ක වැඩවර්ජනයක් සිදුකරන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.

මෙම වැඩවර්ජනයට අතුරු වෛද්‍ය සේවාවට අයත් ශ්‍රේණි 08කට අයත් නිලධාරීන් සහභාගීවන බවද එම පෙරමුණ පැවසීය.

මානුෂීය හේතූන් මත රිජ්වේ ආර්යා ළමාරෝහල, මහරගම අපේක්ෂා රෝහල (පිළිකා), කාසල්වීදිය කාන්තා රෝහල, මහමෝදර කාන්තා රෝහල හා මධ්‍යම ලේ බැංකුව තුළ මෙම වර්ජනය සිදු නොකරණ බවත් මහ රෝහල් හා ශික්ෂණ රෝහල් තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවද එම පෙරමුණ අවධාරණය කළේය.