හාල්මැස්සෝ කිලෝ එක රුපියල් දෙකකින් අඩුකරලා බලන්න පොඩි වැඩක් ද මේ රජය මෙවර අයවැයෙන් කරලා තියෙන්නේ. මුං ඇට කිලෝවෙන් රුපියල් පහක් අඩු කරලා පොළට ගියාම මුංඇට අලෙවි කරන වෙළෙන්දා ඒ රුපියල් පහ අඩු කරලද අපිට බඩු දෙන්නේ? දැන් ඒ මදිවට වැට් බද්දත් දැම්මා මෙවර අයවැයෙන් වතුරට ගෙවන බිලත් වැඩි වුණා. මම හිතන්නේ වැඩි වුණ ප්‍රතිශතය 168% ක වැඩි වීමක ප්‍රතිශතයක්. මේ රජය දැන් සිදු කරන්නේ ජනතාවට බදු ගහලා ජනතාව සූරාකෑමක් බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා එසේ පැවසුවේ පසුගිය 13 වැනිදා අපරැක්ක ආගරවල රෝහණ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුෙණ්‍යාaත්සවයට සහභාගි වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය… මේ රජය ජනතාව මත බදු බර පටවලා ජනතාව සූරාකනවා. ජනතාවට කිසිම සහනයක් මෙවර අයවැයෙන් ලැබී නැහැ. රජයක් කියන්නේ ජනතාව මතට බදු බර පටවලා මහජනතාව අසරණ කරන ආයතනයක් නොවෙයි. ජනතාවගේ මුදල් පික් පොකැට් ගහන තත්ත්වයට අද මේ රජය පත් වෙලා. ජනතාවගෙන් පික් පොකැට් ගහන්න ඕන නම් මේ විදියට බදු බර ජනතාව මත පටවන්න අවශ්‍ය වෙන්නේ නැහැ…..
මේ රජයත් හරියට දැන්…. හුළං බැහැලා බැටරි බැහැලා එකතැන් වුණු කාර් එකක් වගේ… අවුරුදු 2 ක් තිස්සේ දැන් ටයර්වල හුළං බැහැලා… බ්රේක් ලයිනර් ගිහිල්ලා එන්ජින් ඔයිල් ලීක් වෙලා…. එන්ජිමත් හිරවෙලා…. ස්ටාට් කරන්නත් අමාරුයි. ඒ හිරවීමේ වගකීමත් දැන් මේ අය මට දානවා. 08 වැනිදා මම පැරදුණා. පැරදිල ගෙදර ගියා. ඒ යන කොට තිබුණු රටේ සංවර්ධනය එතනමයි. ඒ සංවර්ධනය මේ අයට ඉදිරියට ගෙනියගන්න බැරිව ගියා.
තිබුණු විශාල සංවර්ධන යෝජනා ක්‍රම නතර කරලා. රැකියා ලබා දෙන්න විදියක් නැහැ. තියෙන වාහන විකුණා ගන්න බැහැ… මේ හැම දෙයක්ම කර කියා ගන්න බැරිව ගියාම චෝදනා නගන්නේ මට……
අපි ගමට යන එන පාරවල් හැදුවා… ඒ පාරවල් කොන්ක්‍රීට් කළා. පස් පාරවල් කොන්ක්‍රීට් කරලා සකස් කරලා ඒ දේ කරන කොටත් චෝදනා කළේ අපට…. අපරාදේ මොනවටද පාරවල් කොන්ක්‍රීට් කරන්නේ…. ඔය වගේ නොයෙකුත් කතා අපට කිව්වා.. අපි පාරවල් හැදුවා ඒ වැඩ කරන ගමන් මිනිස්සුන්ට සහනත් ලබා දුන්නා.. වරාය හදනකොට කිව්වා වැඩක් නැහැ වරායක් හදලා… අපරාදේ වියදම විතරයි.. දැන් මේ අය ඒ වරාය විකුණාගන්න හදනවා…. මිලියන 460 කට හදපු එක මිලියනයකට ඩොලර් මිලියන සියයකට විකුණන්න හදනවා..
අපි එදා රට සංවර්ධනය කළා.. අධිවේගී මාර්ග හදලා… රට සංවර්ධනය කරා ගෙන ගියා…. සුද්දාගේ කාලේ ඉඳලා මාතරට විතරයි. අද අධිවේගී මාර්ග මාතර ඉඳන් බෙලිඅත්ත හරහා හම්බන්තොට දක්වා ඉදි වෙනවා. අපේ කාලේ අයවැයෙන් රාජ්‍ය සේවකයාගේ වගේම පෞද්ගලික අංශයේ පඩි වැඩි වීම් සිදු කළා.. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළා…. ජනතාවට මොනවා හරි සහනයක් තිබුණා.. අපේ රජය කාලේ බජට් එකේ වතුර බිල් වැඩි කරන්න ගියේ නැහැ. බඹරා මල නොතලා පැණි ගන්නවා කියලා කතාවක් තියෙනවා නේ.. අද එකේ අනිත් පැත්ත සිදු වෙන්නේ…. රජය මිනිස්සු තළා පෙළා බදු අය කර ගන්නවා. මේවට වැරදිකාරයා වෙලා තියෙන්නෙත් මම… මේ රජයේ බදු ප්‍රතිපත්ති හේතුවෙන් ජනතාව දවසින් දවස දැඩි අසීරුතාවට පත්වෙනවා.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.