FAST NEWS

24×7 Around the Globe

අයවැයට එරෙහි බස්‌ වර්ජනය ගැන තීරණය අද

රථවාහන වැරදි සම්බන්ධයෙන් අයවැයෙන් පනවා ඇති රුපියල් 2500 ක්‌ වන අවම දඩයට එරෙහිව ආරම්භ කිරීමට නියමිත පෞද්ගලික බස්‌ වර්ජනය සම්බන්ධයෙන් අද (14 දා) වැනිදා සියලුම බස්‌ සංගම් සමඟ සාකච්ඡා කර තීරණයක්‌ ගන්නා බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විsඡේරත්න මහතා ඊයේ (13 වැනිදා) පැවැසීය.

ගැමුණු විඡේරත්න මහතා මෙසේ ද කීය.

රුපියල් 20, 50, 100 ට තිබුණු අවම දඩය මේ අයවැයෙන් රුපියල් 2500 ක්‌ කරලා. මේක හරි අසාධාරණයි. බස්‌ රථ රියෑදුරකුට රු. 2500 ක දඩයක්‌ ගැහුවොත් කොහොමද එයා ජීවත්වන්නෙ. මේ දඩය නිසා පෞද්ගලික බස්‌ රථ රියෑදුරන් සේවයට එන්න අදි මදි කරනවා. ඒ නිසා මේ රුපියල් 2500 අවම දඩය රජය අකුලා ගත්තේ නැත්නම් අපි ලබන අඟහරුවාදා හෝ බදාදා, බස්‌ වර්ජනයකට යනවා. බස්‌ කර්මාන්තයත් අගාධයට යමින් තිබෙන මොහොතක මේ රුපියල් 2500 අවම දඩයත් මහා පීඩාවක්‌ වෙලා.“අපි අද (සඳුදා) මේ ගැන තීරණයක්‌ ගන්නවා. රජයේ ප්‍රතිචාරයක්‌ නොලැබුණොත් අපි අනිවාර්යයෙන්ම වැඩ වර්ජනයකට යනවාමයි.