මහ බැංකුවේ කටයුතු පුද්ගලීකරණය කිරීම ඇතුළු සමස්ත බැංකු ක්රමයේ සහ මූල්‍ය පද්ධතියේ පැවැත්මට ඉතා අහිතකර යෝජනා ගණනාවක් ඇතුළත් මෙවර අයවැයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (13 දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
ඒ අනුව මෙවර අයවැය තුළ ඇති වඩාත්ම භයානක අයවැය යෝජනාව වන්නේ තොරතුරු තාක්ෂණ සන්නිවේදන ඒජන්සිය මගින් ජාතික ගෙවීම් වේදිකාවක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව බව ද එය මහ බැංකුවේ බැඳුම්කර මගඩිය මෙන් සිය දහස් ගුණයකින් අනාගතයේදී මූල්‍ය මගඩි සිදුවීමට ඉඩ සලසන අයවැය යෝජනාවක් බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
මේ අයවැය යෝජනාව අනුව මහ බැංකුව යටතේ තිබෙන ජාතික ගෙවීම් හා පියවීම් පද්ධතියේ කටයුතු පුද්ගලික අංශයේ සමාගම් තුනකට පැවරීමට රජය සූදානම් වන බව ද මෙය මුදල් නීති පනතට සම්පූර්ණයෙන් පටහැනි බැවින් අයවැයේ ඇති අංක 390 දරන එම අයවැය යෝජනාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගෙන ඇත්තේ ඇමැති මණ්ඩලය පවා නොමඟ යවමින් බවත් “ආර්ථික ඩිජිටල්කරණය” යන නමින් මහ බැංකුව සතු මේ බලතල පුද්ගලීකරණය කිරීමේ යෝජනාව සඟවා ඉදිරිපත් කර ඇති බවත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.
මේ නව ක්‍රමවේදය හරහා රාජ්‍ය ආයතනවලට කළ යුතු ගෙවීම් මුලින් සිදුකිරීමට සිදුවන්නේ පුද්ගලික ආයතනයකට බව ද මේ හරහා රටේ අතිවිශාල ධනයක් ඉතාම කෙටි කාලයක් තුළ ක්ෂණිකව රටින් පිට කිරීමට නිල වශයෙන් ඉඩකඩ නිර්මාණය කර දෙන බව ද මෙය ඉතා භයානක අයවැය යෝජනාව වහාම ඉවත් කර ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.
මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් මූල්‍ය මගඩි විශාල වශයෙන් සිදුවීමට ඉඩකඩක් නිර්මාණය වන නිසා රටේ මූල්‍ය ක්‍රමය ගැන ඇති විශ්වාසය මුළුමනින්ම බිඳවැටීමට ඉඩ කඩ ඇති බැවින් මෙය මහ බැංකුවට කොටි ත්රස්තවාදීන් එල්ල කළ බෝම්බ ප්‍රහාරයට වඩා බලවත් බෝම්බ ප්‍රහාරයක් බව ද ඒ මහතා කීවේය.
මෙවර අයවැයේ ඇති තවත් ඉතා භයානක අයවැය යෝජනාවක් වන්නේ මුදල් අමාත්‍යාංශය තුළ ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීමට ගෙන ඇති යෝජනාවයි. අයවැයේ අංක 364 අයවැය යෝජනාවෙන් ඉදිරිපත්ව ඇති මේ යෝජනාවට එරෙහිව ද ඒකාබද්ධ විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.
මහ බැංකුව සතු රාජ්‍ය ණය කළමනාකරණ වගකීම මෙම අයවැය යෝජනාව හරහා සම්පූර්ණයෙන්ම තම අණසකට යටත් කර ගැනීමට සූදානම් වනබව ද මහ බැංකුව ඉතා ස්වාධීනව සිදු කළ රාජ්‍ය ණය කළමනාකරණය මුදල් අමාත්‍යවරයාගේ විශේෂඥතාව අනුව සිදුකළ හැකි දෙයක් නොවන බව ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ (13 දා) උදේ මේ ප්රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.