FAST NEWS

24×7 Around the Globe

අවම දඩ මුදල වෙනසකින් තොරව ක්‍රියාත්මකයි…

 

මෙවර අයවැයෙන් මාර්ග නීති උල්ලංඝණය කරන්නන් සඳහා පනවන ලද රුපියල් 2500 අවම දඩ මුදල කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා තිබේ.

මාර්ග නීති පිළිබඳ විනයක් හා ගරුත්වයක් ජනතාව තුළ ඇති කිරීමේ අරමුණින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මාර්ග නීති උල්ලංඝණය කරන්නන් සඳහා පනවන ලද රුපියල් 2500 අවම දඩය ඉවත් කරන ලෙස පෞද්ගලික බස් සංගම් විසින් සිදුකරන ලද ඉල්ලීම පිළිබඳ අදහස් දක්වමින් රවී කරුණානායක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙවැනි තීරණයක් ගනු ලැබුවේ දහස් ගණනක් වූ රථ වාහන ධාවකයින් සහ පදිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා බව අමාත්‍යවරයා පවසා තිබේ.