FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති තිස්සගෙන් අභියාචානාධිකරණයට පෙත්මසක්…

මහාධිකරණය ලබාදුන් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද (11) අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළේය.

සුදුසු ඇපයක් මත තමන් මුදා හරින ලෙසයි ඔහු එම පෙත්සම මගින් සදහන් කර ඇත.

කූඨ ලේඛන සැකසීම ඇතුළු චෝදනා 03ක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා ඇප ඉල්ලා මෝසමක් මගින් සිදුකළ ඉල්ලීම කොළඹ මහාධිකරණය පසුගිය 4 වනදා ප්‍රතික්ෂේප කළේය.

ඔහුව පසුගිය මස 19 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දෙසැම්බර් මස 5 වනදා දක්වායි.