FAST NEWS

24×7 Around the Globe

නාවික හමුදාව ධීවරයින් 07 බේරා ගනියි..

අනතුරකට ලක්වූ ධීවර යත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් 07 දෙනෙකු බේරාගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ.

ධීවර කටයුතු සඳහා ගාල්ල වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවක් එලෙස අනතුරට ලක්ව ඇති බව නාවික හමුදාව පැවසුවේය.

අද උදෑසන වෙළඳ නෞකාවක ගැටී අදාළ යාත්‍රාව අනතුරට ලක්ව ඇති අතර  දකුණු නාවික විධානයට අනුයුක්ත රාජකාරියේ නියුතු නිළධාරින් සහ නාවිකයින් විසින් ඔවුන් බේරාගෙන ඇත.

අනතුරට ලක්වූ ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් නැවත ගාලු වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.