FAST NEWS

24×7 Around the Globe

මීරිහානෙන් පැනගිය ඉන්දීය ජාතිකයින් 05 දෙනා අත්අඩංගුවට ගැනේ..

වකුගඩු ජවාරමක් සම්බන්ධයෙන් මිරිහාන ( Mirihana ) රැඳවුම් කඳවුරේ රදවා සිටියදී පැනගිය ඉන්දීය ජාතිකයින් 05 දෙනෙකු මන්නාරම පේසාලෙයි මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මිරිහානෙන් අතුරුදන් වු

පේසාලෙයි පොලීසියට ලද තොරතුරක් මත මන්නාරම පේසාලෙයි මුහුදු තීරයෙන් ඉන්දියාව බලා ගමන් කිරීමට සූදානම්ව සිටියදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

පසුගිය අවස්ථා දෙකකදි රැඳවුම් කඳවුරේ රඳවා සිටියදී පැන ගිය සැකකරුවන් 07 දෙනාගෙන් 05 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

ඔවුන් අද(11) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පේසාලෙයි පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.