FAST NEWS

24×7 Around the Globe

දඩය 2500 දක්වා ඉහළ දැම්මොත් බස් වර්ජනයේ..

රථ වාහන වැරදි සඳහා අවම දඩය රුපියල් 2500 දක්වා ඉහළ නැංවීම වහාම ඉවත් කර ගත යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

එසේම අද(11) දිනයේ මෙම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කරන බවද හෙතෙම පැවසීය.

එය ඉවත් කර නොගතහොත් ලබන සතියේ අඛණ්ඩ බස් රථ වර්ජනයක් ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත සඳහන් කළේය.