FAST NEWS

24×7 Around the Globe

ඡන්ද ලේඛනයේ වැරදි 17 දාට පෙර නිවැරදි කර ගන්න..

ඡන්ද හිමි නාමලේඛනයේ නම හෝ ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිව සටහන්ව නොමැති නම් මේ මස 17 වැනිදාට පෙර නිවැරදි කරගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ ඒ දිස්‌ත්‍රික්‌කයට අදාළ නාමලේඛනය සියලුම දිස්‌ත්‍රික්‌ මැතිවරණ කාර්යාලවලද ඒ ඒ ග්‍රාම නිලධාරී කොට්‌ඨාසයට අදාළ නාමලේඛනය ග්‍රාම නිලධාරී කාර්යාලවලද මෙම මස 08 වැනිදා සිට ප්‍රදර්ශනය කර ඇතැයි හෙතෙම කියා සිටී.

යම් කෙනෙකුගේ නමක්‌ ඇතුළත්ව නොමැති නම් එම නම ඇතුළත් කිරීමේ හැකියාවක්‌ නැතැයිද ලේඛනයේ සඳහන් නමේ හෝ හැඳුනුම්පත් අංකයේ වෙනසක්‌ පවතී නම් එය නිවැරදි කරගත හැකි බවද සභාපතිවරයා පවසයි.