FAST NEWS

24×7 Around the Globe

අන්තර්ජාල සේවා සඳහා විදුලි සංදේශ සේවා ගාස්තුව 25% කින් ඉහළට..

අනෙකුත් විදුලි සංදේශ සේවා වලට සමගාමිව, අන්තර්ජාල සේවා සඳහා වන විදුලි සංදේශ සේවා ගාස්තුව 25% කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2017 අයවැය යෝජනා මගින් මෙලෙස අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළ නැවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය,රවී කරුණානයක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

එසේම වංචා සහ සාපරාධි ක‍්‍රියා සඳහා තාවකාලිකව ජංගම දුරකථන සම්බන්ධතා භාවිතා කිරීම අධෛර්ය කිරීමේ අපේක්ෂාවෙන් සිම් කාඞ්පතක් ක‍්‍රියාත්මක කිරීමේ ගාස්තුව ලෙස රු. 200 ක් අය කිරීමටද මෙවර යෝජනා කර තිබේ.