FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති අය වැය කතාවට පෙර හදිසි කැබිනට් රැස්වීමක් තියයි…

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද(10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

අද(10) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය කතාව පිළිබඳ සාකච්ඡා කිරීම මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ අරමුණ වී තිබේ.

ඒ අනුව මූලික අයවැය රාමුව පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

2017 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව අද(10) පස්වරු 2.00ට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය.