FAST NEWS

24×7 Around the Globe

මහනුවරට අද පැය 8ක ජල කප්පාදුවක්…

 

අද(10) පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය 8ක කාලයක් මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා තිබේ.

ඒ අනූව මහනුවර නගර සභා බලප්‍රදේශය, හාරිස්පත්තුව, අකුරණ, මැදවල හා පූජාපිටිය ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා තිබේ.