FAST NEWS

24×7 Around the Globe

‘ආවා’ යැයි සැක කිසිඳු හමුදා සමාජිකයෙකු අත්අඩංගුවට ගෙන නෑ..

‘ආවා’ කල්ලියට සම්බන්ධ කිසිදු හමුදා සමාජිකයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක ‍බ්‍රිගේඩියර් රෝෂාන් සෙනවිරත්න මහතා අද (09දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ සෙනවිරත්න මහතා,

“මේ වනතුරු සක්‍රීයව හමුදා සේවයේ කටයුතු කරන කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ. එවැනි කිසිවක් වාර්තා වී නැහැ. එසේ සිදුවීමක් වුවානම් අදාළ කඳවුරෙන් මේ වනවිටත් ඒ පිළිබඳ දැනුම් දෙනවා. නමුත් මේ වනතුරු එලෙස කිසිදු දැනුම්දීමක් සිදුකර නැහැ.” යනුවෙන් පැවසීය.