FAST NEWS

24×7 Around the Globe

“ආවා’’ කල්ලියේ තවත් තිදෙනෙකු රිමාන්ඩ්…

 

උතුරු ප්‍රදේශයේ  සැරිසරන ‘‘ආවා’’ කල්ලියේ තවත් සාමාජිකයන් තුන්දෙනෙකු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල හමුවට අද (09) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ(08) දිනයේ ද ත්‍රස්ත විමර්ශන කොට්ටාශය මගින් අත්අඩංගුවට ගත් මෙම කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.