FAST NEWS

24×7 Around the Globe

මුදල් අමාත්‍ය රවීට එරෙහිව අල්ලස් කොමීසට පැමීණිලි 03 ක් ඉදිරිපත් කෙරේ..

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි චෝදනා 3ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අමාත්‍යවරයාට එරෙහිව චෝදනා 12ක් පවත්නා බවත්, අද දිනයේ එයින් තුනක් සම්බන්ධයෙන් පමණක් පැමීණිලි ඉදිරිපක් කළ බව හෙතෙම  මෙහිදි සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා අද දවසේ රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා ත්‍රිත්වය හෙළිදරව් කරන ලදී.

ඒ අනුව පැමිණිල්ලේ ඉදිරිපත්වූ පළමු චෝදනාව වූයේ නීති විරෝධී ලෙස ආනයනය කළ ප්‍රා‍ඩෝ වර්ගයේ මෝටර් රථ 800ක් සහ බෙන්ස් වර්ගයේ මෝටර් රථ 900ක්,රේගුව විසින් රාජ සන්තක කළ යුතු බවට හෝ නියමිත රේගු ගාස්තු ගෙවීමකින් තොරව නිදහස් කළ නොහැකි බවට තීරණය කර තිබියදී රු.ලක්ෂ 16 බැගින් සුළු මුදලක් ගෙවා ඒවා නිදහස් කර ගැනීමට අදාළ සමාගම්වලට ඉඩලබාදෙමින් රජයට අති විශාල මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාට චෝදනා එල්ලවී ඇති බව රමේෂ් පතිරණ මහතා මෙහිදී අනාවරණය කළේය.

මුදල් අමාත්‍යවරයාගේ දියණියට අයත් යයි සැලකෙන “ග්ලෝබල් පාර්ක්”නමැති සමාගම ඇපකරයක් නොමැතිව ගුදමක් ලබාදීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව ‍දෙවන චෝදනාව වශයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රවී කරුණානායක මහතාද අධ්‍යක්ෂ ධූරයක් දරන ලද සිංගප්පූරු සමාගමක ප්‍රධාන පරිපාලන නිලධාරියාට කොළඹ හිල්ටන් ‍හෝටලයේ නවාතැන් ගැනීමට පහසුකම් සලසාදී ඔහුගේ සියලු වියදම් මුදල් අමාත්‍යංශයේ මහජන මුදලින් ගෙවීමට කටයුතු කිරීමෙන්ද ඔහු රජයට විශාල පාඩුවක් සිදුකර ඇති බවත්,ඒ සම්බන්ධයෙන්ද පැමිණිල්ලේ තෙවන චෝදනාව ලෙස සඳහන්ව ඇති බවත් ඔහු අවධාරණය කළේය.

එසේම ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීම ආරම්භ කළ බවත්,පසුගිය සතියේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පැමිණිලි කළ බවත්,මේ ආකාරයට දූෂිත ලැයිස්තුවේ ඉහළම 10 දෙනා ගැන විටෙන් විට පැමිණිලි කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.