FAST NEWS

24×7 Around the Globe

උදේට හිරු උදාවෙයි – ඔබාමා පණිවිඩයක් තියයි..

සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ ගැටලුවක් නොමැති බවත්, උදෑසන වනවිට හිරු උදාවනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසයි.

ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත්වන අතරතුර සිය ට්විටර් ගිණුම හරහා වීඩියෝවක් නිකුත් කරමින් වත්මන් ජනාධිපති බරැක් ඔබාමා ජනතාව අමතා පවසා තිබේ.

ප්‍රකාශයට පත්කර ඇති ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් ඉදිරියට පැමිණ සිටීමත්, ඔබාමාගේ සහාය නොඅඩුව ලැබුණු හිලරි ඒ වනවිට පසුපසින් සිටීමත් ඔහු මෙවැනි ප්‍රකාශයක් කිරීමට හේතු වී තිබුණි.