FAST NEWS

24×7 Around the Globe

වැට් බද්ද ආනයනික වාහන සඳහා බල පාන්නේ් නෑ..

වැට් බද්ද ආනයනික වාහන සඳහා බල නොපාන බව මුදල් අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පෙන්වාදෙන්නේ වැට් බදු හේතුවෙන් වාහන මිල ඉහළ යන බවට  පැතිර යන ප්‍රචාරයන්හි සත්‍යතාවක් නොමැති බවයි.

වාහන මිල වැඩිවීම සිදුවන්නේ ආනයනික මිලෙහි වැඩිවීමක් සිදු වුවහොත් පමණක් බව එම අමාත්‍යංශය පෙන්වාදෙයි.

මේ අතර විදේශ විනිමය අනුපාතය සහ රජයේ බදු ප්‍රතිපත්තියෙහි වෙනස්වීම් හේතුවෙන් මෝටර් රථ මිල ඉහළ යෑම සිදුව ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා කියා සිටියේය.