FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ 03ක් වැඩ සංකේත වැඩ වර්ජනයක..

අද (09) උදෑසන 07.00 සිට හෙට (10) උදෑසන 07.00 දක්වා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ 03ක නිලධාරීන් සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

ඒ, දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, මහජන සෞඛ්‍ය රසායානාගාර ශිල්පීන් සහ කීට විද්‍යා නිලධාරීන් යන අංශයි.

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මහජන සෞඛ්‍යය පරීක්ෂක සහ කීට විද්‍යාඥයින්ගේ තාක්ෂණික පුහුණු ඩිප්ලෝමාවට අයත් තාක්ෂණික කරුණු මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය නිලධාරීන්ගේ පුහුණු පාඨමාලාවට ඇතුළත් කිරීමට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කරන බවයි.

ඒ සඳහා නිලධාරීන් 3500 කට ආසන්න පිරිසක් එක්ව සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඩෙංගු මර්දනය, බෝවන රෝග නිරාවරණය, එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සහ රෝග මර්දනය වැනි ව්‍යාපාර සම්පූර්ණයෙන්ම ඇණහිටින බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක නජිත් සුමනසේන මහතා කියාසිටියේය.