FAST NEWS

24×7 Around the Globe

එක්නැලිගොඩ නඩුවේ සිව්වැනි හා පස්වැනි විත්තකරුවන්ට ඇප…

ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි එම නඩුවේ සිව්වැනි හා පස්වැනි විත්තිකරුවන් වන හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ඇප මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහාධිකරණය අද (8) නියෝග කළේය.

ඒ අනුව වඩුගෙදර විනී ප්‍රියන්ත නිලංජන් උපසේන හෙවත් සුරේෂ් හා කෝප්‍රල් සෙනෙවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර උපසේන හෙවත් රංජි රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිණි.

මෙම නඩුවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි අනෙක් සැකකරුවන් ද පසුගිය නඩු වාරවලදී ඇප මත මුදා හරිනු ලැබූහ.