FAST NEWS

24×7 Around the Globe

ලොව ප්‍රථම රොබෝ විවාහය සිදුවෙයි. (ඡයාරූප)

ලෝකයේ පළමු වතාවට රොබෝ යන්ත‍්‍ර දෙකක් අතර සිදුවුණු විවාහ මංගල්‍ය උත්සවයක් ජපානයේ ටෝකියෝ නුවරදී පසුගියදා පැවැත්වුණු බව වාර්තා වෙනවා. මෙම උත්සවයේදී ෆ්රොයිස් නම් මනමාල රොබෝව යුකිරින් නම් රොබෝ මනමාලිව සිය සහකාරිය ලෙස භාර ගත් බව සඳහන්. එහිදී ඔවුන් දෙදෙනා අතර හාද්දක් හුවමාරු වීමද කැපී පෙනෙන අවස්ථාවක් බවටද පත්ව තිබෙනවා. එසේම යුකිරින් ජපානයේ මනාලියන් විසින් අඳිනු ලබන සාම්ප‍්‍රදායික මංගල ඇඳුමකින් සැරසී සිටීමත් විශේෂත්වයක් ගත්තා. ඒ සඳහා ඇය වෙත ලේස් වලින් සැකසූ අලංකාර ගවුමක් සපයා දී තිබූ අතර සැටින් රෙද්දෙන් සැකසූ විශාල බෝ එකක්ද ඊට අයත්ව තිබුණා.
e q qwwqewqe wETETET wqewqrwr qwwqewqe - Copy SQQEQWEWQE - Copy q - Copy