FAST NEWS

24×7 Around the Globe

ත්‍රීරෝද වෘත්තිකයෝ මානව හිමීකම් යෑමට අත්සන් දස ලක්ෂයක් ගනිති…

පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පැහැදිලි වැඩපිළිවෙක් ඉදිරිපත් නොකර මුදල් අයකර සිදු කරන බව කියන  ලියාපදිංචිය නීති විරෝධී බව පවසමින් ත්‍රිරෝද රථ වෘතිකයින්ගේ සමිති සම්මේලනය විසින් සංවිධානය කරන ලද අත්සන් දස ලක්ෂයකින් යුතු පෙත්සමකට අත්සන් තැබීම රත්මලාන බෙලෙක් කඩේ හන්දියේදී අද (8)ආරම්භ කෙරිණි.

අත්සන් දස ලක්ෂයේ පෙත්සම අල්ලස් හා දූෂණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට භාර දීමට බලාපොරොත්තු වන බවද ත්‍රිරෝද රථ වෘතිකයිනගේ සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බී කේ සිසිල් රොද්රිගෝ මහතා පවසයි.

ත්‍රිරෝද රථ රියදුරන්ගේ අදහස් විමසීමක් ,පළාත් සභා සභා අනුමැතියක් හෝ ප්‍රවාහන අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව  මෙම ලියා පදිංචිය සිදු කරන බව  කියති.