FAST NEWS

24×7 Around the Globe

15 වැනිදා පෞද්ගලික බස් වර්ජනයක් කරන බව ගැමුණු කියයි..

කොළඹට හා අවට තදාසන්න ප්‍රදේශවල පවතින රථවාහන තදබදයට ලබන 15 වැනිදාට පෙර විසඳුම් ලබාදීමට රජය කටයුතු නොකළහොත් පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

පවතින රථවාහන තදබදය හේතුවෙන් බස් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් ඒ අනූව ලබන 15 වැනිදා මාර්ග 30ක අනිවාර්යයෙන්ම බස් රථ ධාවනයෙන් ඉවත්වන බව හෙතෙම අවධාරණය කරයි.

උදෑසන කාලයේදී පවතින තදබදය හේතුවෙන් බස් රථයක ධාවනය වේගය පැයට කිලෝමීටර් 4 දක්වා අඩුවී ඇති බවත්, හදිසි අවස්ථාවකදී මෙය වඩාත් ගැටළුකාරී බවත්, ඒ මහතා පෙන්වා දෙයි.

මේ ගැන බලධාරීන් කිහිප අවස්ථාවකදීම දැනුවත් කළද කිසිදු පිළිතුරක් ලබාදීමට ඔවුන් පියවර ගෙන නැති බවද එ මහතා අවධාරණය කරයි.