FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්ද 23 වැනිද චීනයට…!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ මස 23දා චීනයේ සංචාරයක නිරත විමට නියමීත බව වාර්තා වේ.

චීන රජයේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදුකරන බව හිටපු ජනාධිපතිවරයාගේ බත්තරමුල්ල කාර්යාලයේ නිලධාරියෙක්  පැවැසුවේය.

චීන රජයේ නියෝජිතයන්, දේශපාලන පක්ෂවල නායකයන්, චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු හමුවීම් කිහිපයකටම හිටපු ජනාධිපතිවරයා චීන සංචාරයේදී සහභාගි වන බව ඔහු සඳහන් කෙළේය.