FAST NEWS

24×7 Around the Globe

ටිරාන් අලස්ට එරෙහි මහාධිකරණ තීන්දුව අත්හිටුවන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග..

මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහාධිකරණය ලබාදුන් නියෝගය වහාම අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (08) නියෝග කළේය.

ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.

“රාඩා“ ආයතනයේ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය පසුගියදා නියෝග කළේය.

මහාධිකරණයේ එම නියෝගය නීතියට පටහැණි බවත් එම නියෝගය ප්‍රතිශෝධනය කර තමන් මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ටිරාන් අලස් මහතා විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබූණී.

පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගය වහාම අත්හිටුවා මුදාහරින ලෙස කොළඹ මහාධිකරණයට නියම කර තිබේ.

එමෙන්ම මේ මස 10 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට අභියාචනාධිකරණය අද(08) දැනුම් දුන්නේය.