FAST NEWS

24×7 Around the Globe

අන්තර්ජාතික මට්ටමේ මැදිහත්වීමක් අවශ්‍යය බව උතුරු මහ අැමති CV කියයි..

උතුරු පළාත තුළ සිදුවන සිදුවීම් රජයට පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන අතර ඒවාට රජය ලබාදෙන විසඳුම් ද පිළිගත හැකි ඒවා නොවන බැවින් ඉදිරියේදී සිදුවන සෑම කටයුත්තකටම අන්තර්ජාතික මට්ටමේ මැදිහත්වීමක් අවශ්‍යය බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) සවස එක්සත් ජාතීන් සහ පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කටයුතු කරන නියෝජ්‍ය ඇමතිනී ඒන්ලි බැරන්වරිය හමුවූ අවස්ථාවේදීය.

ඇය ඊයේ (07) යාපනයේ සංචාරයක නිරත වූ අතර එහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවී පැය කිහිපයක කාලයක් උතුරේ වත්මන් තත්ත්වය පිළිබදව සාකච්ඡා පැවැත්වීය.

එදා සිට යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ දේශීය යාන්ත්‍රණය තුළ සිදුවන දේ පිළිගැනීමට සියළුම දෙනා එකඟ නොවන නිසා බව ද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පැවසීය.